මැදපෙරදිග යුද තත්ත්වය අතර චීනය තම වැසියන් 11,000කට වැඩි පිරිසක් ආරක්ෂිතව මව්රටට ගෙන්වයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් එම ප්‍රදේශවල අතරමංව සිටි චීන ජාතිකයන් 11,000කට අධික පිරිසක් ආරක්ෂිතව මව්රටට ගෙන්වා ගැනීමට චීනය පියවර ගෙන තිබේ.

චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ගුවන් සීමා වසා දැමීම සහ වාණිජ ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් මෙම විශේෂ ඉවත්කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සිදු වූ බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන් සහ සෞදි අරාබිය වැනි මැදපෙරදිග රටවල සිටි චීන පුරවැසියන් මෙලෙස ආරක්ෂිතව ගෙන්වා ගෙන ඇති බව වාර්තා වෙයි.

ඊට අමතරව, පසුගිය සතිය වන විට ඉරානයේ සිටි චීන ජාතිකයන් 3,000කට අධික පිරිසක් ද සුරක්ෂිතව ඉවත් කර ගැනීමට චීන බලධාරීන් කටයුතු කර තිබුණි.

මෙම මෙහෙයුමට සමගාමීව චීන සිවිල් ගුවන් සේවා පරිපාලනය සහ විදේශ අමාත්‍යාංශය එක්ව Air China සහ China Southern Airlines වැනි ප්‍රධාන ගුවන් සේවා භාවිතා කරමින් ගුවන් ගමන් වාර සංඛ්‍යාවද වැඩි කර ඇති බව සඳහන් වේ.

මේ අතර අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් එල්ල කර ඇති ප්‍රහාරයන් චීනය දැඩි ලෙස හෙළා දැක ඇති බව වර්තාවේ

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *