මෙරටින් වසරකට ලාදුරු රෝගීන් 1500 ක්.
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com මාධ්‍යවේදීනි
ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ
වසරකට ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගීන් 1500 ක් පමණ හමුවන බවත් මෙම රෝගය මෙරටින් තුරන් වී ඇති බවට පැතිර යාම වැරදි බවත් රෝගය පාලනයට 1995 වසරේ සිට ක්‍රියාත්මකව පවතින බවත් ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාද්‍ය හමුවකදී ලාදුරු මර්දනය වියාපාරයේ ප්‍රජා වෛද්‍ය විසේශන්ය දිලිනි විජේසේකර මහත්මිය ප්‍රකාශ කලාය.
ලාදුරු මෙරට දීර්ග කාලයක පටන් පැවත එන රෝගයක්. කලින් හදුනා ගැනීමෙන් මෙම රෝගය වඩාත් පාලනය කොට ප්‍රතිකාර කළ හැකි බවත් ඒ සදහා රජයේ සෑම මුලික රෝහලකින්ම හා එයට වැඩි ඉහළ රෝහලක් තුලින්ම සායනික ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා සලසා ඇති බවද පවසා සිටියාය. එසේම වසරකට මෙරටින් වාර්තා වන රෝගීන්1500 න් සියයට 10 ක් අවුරුදු 15 ට අඩු ළමුන් බවද එසේම රෝගීන්ගෙන් සියයට 60 ක් පමණ පිරිමින් වන ඔවුන් වැඩි දෙනෙකු අවුරුදු 25 – 50 අතර පසුවන්නන් බැවින් එය රටේ ශ්‍රම බලකායට විශාල බලපෑමක් බැවින් මේ පිලිබදව වැඩි සැලකිල්ලක් දක්වා රෝගය මෙරටි තුරන් කිරීමට දායකත්වය ලබා දෙන ඉල්ලා සිටින බවත් ඇය සදහන් කලාය.
වැඩි දුරටත් අදහස් දක්වමින් වි. වෛද්වරිය සදහන් කලේ රෝගය සම්බන්ධයෙන් ගැටළු හා දුර්මත රැසක් මෙරට ජනතාව තුල ඇති බවත් මේ සදහා දැනට ප්‍රත්‍යක්ෂ ඖසධ ඇති බවත් තම ඉගෙනුම හෝ රැකියාව සිදු කරමින්ම ඖෂධ ලබාගෙන රෝගය ප්‍රත්යක්ෂව සුව කර ගැනීමට හැකියාව ඇති බවයි. තවද එළබෙන ජනවාරි 25 දිනය ලෝක ලාදුරු රෝග දිනය ලෙස නම් කොට ඇති බැවින් මේ පිලිබඳව මෙරට ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද පැවසුවාය.



