මේ පැතිවලට පැය 10ක් වතුර නෑ

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත් හිටුවීමට සිදුවීම හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය මගින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුව ඇති බව වාර්තා වේ.

එබැවින් අද දිනයේ පෙරවරු 10.00 සිට පස්වරු 8.00ට වන තෙක් පැය 10ක කාලයක් අඳාළ ප්‍රදේශවලට ජල සැපයුම අත් හිටුවීමට තීරණයකර ඇත.

මේ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව අඳාළ ප්‍රදේශ ලෙස දක්වා ඇත්තේ බත්තරමුල්ල, මිරිහාන, මාදිවෙල , නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH , කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව යන ප්‍රදේශයි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *