රන් කාසි හොරු හසුවෙයි
උකුස්සාට හසු වූ රන් කාසි හොරු
BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
නිධානයකින් ලබාගත් රන් කාසි විකිණීමට ඇති බව පවසා ගැනුම්කරුවන් රවටන ජාවාරම්කරුවන් පිරිසක් නීතියේ රැහැනට හසුවිය.
නිධන්වලින් ලබාගත් රත්‍රං අලෙවිකරන බව පවසා ජනතාව රවටන ජාවාරම්කරුවන් පිළිබඳව අනාවරණ කර තිබේ.
එවන් පසුබිමක සංවිධානාත්මක කණ්ඩායමක් දිවයිනේ විවිධ ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් තවත් එවැනිම ජාවාරමක් සිදුකරන බවට අපට තොරතුරු ලැබුණි.
ඒ අනුව පළමුව උපායදූතයෙකු මාර්ගයෙන් ජාවාරම්කරු සමඟ හිතවත්කමක් ගොඩනගාගත්තේ අපටද රත්‍රං මිලදීගැනීමට අවශ්‍ය බව පවසමිනි.
එහිදී සිත්ඇදගන්නා සුළු අයුරින් අප සමග සංවාදයේ යෙදෙන ජවාරම්කරු හමුවීමට අප දිනයක් යොදාගෙන මිහින්තලය ප්‍රදේශයට ළඟාවන්නේ ජාවාරම පිළිබඳව සැකහැර දැනගැනීම සඳහාය.
අපව මිහින්තලේ ප්‍රදේශයේ විවිධ ස්ථානවලට කැඳවන ජාවාරම්කරු අනතුරුව මරදන්කඩවල ප්‍රදේශයට පැමිණෙන ලෙස දැනුම්දුන්නේය.
අනතුරුව අප මේ පිළිබඳව මරදන්කඩවල පොලීසිය දැනුම්වත් කිරීමෙන් පසු එහි නිලධාරීන් කණ්ඩායමක් සමග අදාළ ප්‍රදේශයට ළඟාවන්නේ අඳුරවැටුණ පසුවය.
එහිදී ජාවාරම්කරු තමන් සතුව ඇති රන් කාසි තොගයක් අපට පෙන්වේය.
ඒවා බැලූබැල්මට රන්කාසි ලෙස සකසා තිබුණි.
එම අවස්ථාවේදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ මරදන්කඩවල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ජාවාරම්කරු අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වුණේ, රන් කාසිවලට සමාන අයුරින් සූක්ෂ්ම ලෙස මොහු විසින් ඒවා සකසා ඇති බවය.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම ජාලයේ සිටින තවත් පුද්ගලයන් තිදෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් පිරිස අනතුරුව කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ජනතාව රවටන තවත් මෙවන් ජාවාරම්කරුවන්ගේ ප්‍රවේසම් වන මෙන් අප දැනුම් දිය යුතුයි.
කාසි හොරු හසුවෙයි
BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
නිධානයකින් ලබාගත් රන් කාසි විකිණීමට ඇති බව පවසා ගැනුම්කරුවන් රවටන ජාවාරම්කරුවන් පිරිසක් නීතියේ රැහැනට හසුවිය.
නිධන්වලින් ලබාගත් රත්‍රං අලෙවිකරන බව පවසා ජනතාව රවටන ජාවාරම්කරුවන් පිළිබඳව අනාවරණ කර තිබේ.
එවන් පසුබිමක සංවිධානාත්මක කණ්ඩායමක් දිවයිනේ විවිධ ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් තවත් එවැනිම ජාවාරමක් සිදුකරන බවට අපට තොරතුරු ලැබුණි.
ඒ අනුව පළමුව උපායදූතයෙකු මාර්ගයෙන් ජාවාරම්කරු සමඟ හිතවත්කමක් ගොඩනගාගත්තේ අපටද රත්‍රං මිලදීගැනීමට අවශ්‍ය බව පවසමිනි.
එහිදී සිත්ඇදගන්නා සුළු අයුරින් අප සමග සංවාදයේ යෙදෙන ජවාරම්කරු හමුවීමට අප දිනයක් යොදාගෙන මිහින්තලය ප්‍රදේශයට ළඟාවන්නේ ජාවාරම පිළිබඳව සැකහැර දැනගැනීම සඳහාය.
අපව මිහින්තලේ ප්‍රදේශයේ විවිධ ස්ථානවලට කැඳවන ජාවාරම්කරු අනතුරුව මරදන්කඩවල ප්‍රදේශයට පැමිණෙන ලෙස දැනුම්දුන්නේය.
අනතුරුව අප මේ පිළිබඳව මරදන්කඩවල පොලීසිය දැනුම්වත් කිරීමෙන් පසු එහි නිලධාරීන් කණ්ඩායමක් සමග අදාළ ප්‍රදේශයට ළඟාවන්නේ අඳුරවැටුණ පසුවය.
එහිදී ජාවාරම්කරු තමන් සතුව ඇති රන් කාසි තොගයක් අපට පෙන්වීය.
බැලූබැල්මට රන්කාසි ලෙස සකසා තිබුණි.