රාජ්‍යය සේවක ස්ථානමාරු සියල්ල අප්‍රේල් 02 සිට ක්‍රියාත්මක‍යි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

2026 වසරට අදාලව රාජ්‍ය සේවකයින් සඳහා නිකුත් කර ඇති සියලුම වාර්ෂික ස්ථානමාරු නියෝග 2026 අප්‍රේල් මස 02 වනදා සිට ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය දැනුම් දී තිබේ.

එමෙන්ම ස්ථානමාරුව ක්‍රියාත්මක වන නිශ්චිත දිනයක් සඳහන් නොකර නිකුත් කර ඇති සියලුම ස්ථානමාරුවීම්ද එම දිනයේ සිටම ක්‍රියාත්මක වන බවත් එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනා පිළිබඳ තීරණ මේ වනවිටත් අදාළ සියලු නිලධාරීන් වෙත දැනුම් දී ඇති බවත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය තුළද ප්‍රකාශයට පත් කර ඇති බවත් වාර්තා වේ.

තවද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මේ වනවිට ලබාදී ඇති ස්ථානමාරු තීරණ සම්බන්ධයෙන් ඉදිරියේදී ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් හෝ නිර්දේශ නැවත සලකා බැලීමක් සිදු නොකරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *