රියදුරු බලපත්‍ර අලුත් කරන කාල සීමාවේ වෙනසක්

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (18) දින වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව ඇත.

එම අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් ප්‍රධාන තීරණ 8ක් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ පවතින තදබදය අවම කිරීම, සේවාවන් කාර්යක්ෂම කිරීම සහ පද්ධති නවීකරණය කිරීම අරමුණින්.

ඒ අනුව වේරහැර කාර්යාලය තුළ පවතින තදබදය පාලනය කිරීමට වහාම විධිමත් පෝලිම් කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම, ප්‍රධාන දොරටුව අසල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම යුත් නාම පුවරු කඩිනමින් ප්‍රදර්ශනය කිරීම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවීකරණය කරන ලද නව පද්ධතිය 2026 අප්‍රේල් 30 වන දිනට පෙර අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීම, පොදු ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව, 2026 පෙබරවාරි 28 වැනිදා සිට පූර්ව අවසරයකින් තොරව (Appointments) ලබාදෙන සේවාවන් නතර කිරීම ඇතුළත්.

එමෙන්ම සේවය සඳහා සහාය වන ස්වේච්ඡා කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් සහ සම්පත් කඩිනමින් ලබාදීම, මේ වන විට මුද්‍රණය කිරීමට ඉතිරිව පවතින රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු කඩිනම් කිරීම, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සම්මත ක්‍රියාපටිපාටිය යටතේ රියදුරු බලපත්‍ර ලබාගැනීමට අපහසු පුද්ගලයින් වෙනුවෙන් වේරහැර කාර්යාලයේදී විශේෂ පහසුකම් සලසා දීම සහ රියදුරු බලපත්‍රයක් අලුත් කිරීම සඳහා වන මූලික කාලසීමාව වයස අවුරුදු 35 දක්වා දීර්ඝ කිරීමට නීතිමය පියවර ගැනීම සහ එමඟින් ආදායමට සිදුවිය හැකි බලපෑම පිළිබඳ ඇගයීමක් සිදුකිරීම ද එහිදී ප්‍රකාශ කර ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *