රීන්ලන්තය අයිති කර ගත යුතුයි – ඩොනල්ඩ් ට්‍රම්ප්
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
රුසියාව සහ චීනයට පෙර ග්‍රීන්ලන්තය අයිති කර ගත යුතුයි – ඩොනල්ඩ් ට්‍රම්ප්
රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර, අමෙරිකාව විසින් එහි අයිතිය ලබා ගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, රටවල් ආරක්ෂා වන්නේ ගිවිසුම් මගින් නොව අයිතිවාසිකම් මගින් බවයි.
ඒ හේතුවෙන් ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට සරළ ක්‍රමයකින් හෝ දැඩි ක්‍රමයකින් ක්‍රියා කළ යුතු බව ට්‍රම්ප් පෙන්වා දෙයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත වැසියන් පවසන්නේ, ග්‍රීන්ලන්තය යනු විකිනීමට ඇති භූමියක් නොවන බවයි.
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට යුද ක්‍රියාමාර්ග ගතහොත් එමගින් නේටෝ සංවිධානයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
නෙදර්ලන්තයේ භූගෝලීය පිහිටීම සහ ඛනිජ සම්පත්, එය අත්පත් කර ගැනීමට අමෙරිකාව, රුසියාව සහ චීනය අතර තරගකාරී තත්ත්වයක් නිර්මාණය වීමට හේතුවයි.

