ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර සබඳතා ශක්තිමත් කිරීමට පියවර

www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com
ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට පියවර
ශ්‍රී ලංකාවේ කසකස්ථාන් ජනරජයේ තානාපති Sergey Viktorov මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම සහ ආපදාවට පත් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ග කෙරෙහි මෙම හමුවේදී විශේෂ අවධානයක් යොමු විය.
අත්‍යවශ්‍ය යටිතල පහසුකම්, නිවාස සහ කෘෂිකාර්මික ජීවනෝපායන් නැවත ගොඩනැඟීම ඇතුළුව රට නැවත ගොඩ නැගීමේ ක්‍රියාවලියේදී රජයේ කාර්යභාර්යය අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැහැදිලි කළ අතර ඒ සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් ලබා දෙන ලද සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳ ව ද තවදුරටත් පැහැදිළි කළ
අතර ආයෝජන වැඩි කිරීම සහ කසකස්ථානයෙන් පැමිණෙන සංචාරක පිරිස වැඩි කිරීම සහ ආර්ථික කටයුතු ශක්තිමත් කර ගැනීම, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ පර්යේෂණ හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩි කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමු විය.


