ශ්‍රී ලංකා – එංගලන්ත පළමු විස්සයි20 තරගය අද සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (30) ආරම්භ වෙයි.

පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.‍

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන මෙම විස්සයි20 තරගාවලියට තරග 3ක් ඇතුළත්ය.

පළමු තරගය අද පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඊට එක්වන ශ්‍රී ලංකා පිල ඊයේ රාත්‍රියේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පුහුණුවිම් ආරම්භ කළේය.

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව පිල සහභාගි වන අවසන් විස්සයි20 තරගාවලියද මෙයයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා විස්සයි20 තරග 14ක් පවත්වා ඇති අතර ඉන් තරග 10ක් එංගලන්තය ජය ගනිද්දී ශ්‍රී ලංකාව තරග 4ක් ජය ගෙන ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරෙන් පසුව මේ දක්වා එංගලන්ත පිලට එරෙහිව විස්සයි20 තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් වී නොමැත.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට එරෙහිව අවසන් වරට විස්සයි20 තරග ජයක් වාර්තා කර ඇත්තේද 2014 වසරේදීය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *