ලංකා විදුලි බල මන්ඩලය ඈවර කිරීම ගැන අමාත්‍යාංශයට දැනුම්දෙයි

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම් නව සමාගම් 06ක් වෙත පැවරීමේ කටයුතු එළඹෙන පෙබරවාරි 01 වනදාට පෙර අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ එය ඉදිරියේදී සමාගම් 06ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය සතු සියලු වත්කම් ක්‍රමානුකූලව අදාළ සමාගම් වෙත පැවරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එම සමාගම්වලට කාර්යමණ්ඩලය යොමු කිරීම ද මේ වනවිට සිදුකර ඇති අතර ඊට අකමැති පුද්ගලයින්ට සිය කැමැත්තෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී තිබුණි.

ඒ අනුව සේවකයින් 2,173 දෙනෙක් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර තිබේ.

ඔවුන්ට අදාළ වන්දි මුදල් ලබාදීමේ කටයුතු පෙබරවාරි මස පළමු සතිය තුළ අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසානයේ ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම සිදුවන අතර ඉන් පසු එහි කටයුතු නව සමාගම් 06ක් යටතේ ඉදිරියට පවත්වාගෙන යාමට නියමිතය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *