ලංගමට නව බදවා ගැනීම් 541 ක්. පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් අද.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

රටේ පොදු ප්‍රවාහන සේවය කාර්යක්ෂමව හා විධිමත්ව පවත්වාගෙන යාමට රජය විසින් ක්‍රියාත්මක කර ඇති ජාතික වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කෙරිණ. ඒ යටතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ දිගු කාලීනව පුරප්පාඩුව පැවති මානව සම්පත සදහා නව බදවා ගැනීම් සිදු කිරීමට විධිමත් ක්‍රියාමාර්ග ආරම්භ විය.

එහි මූලික පියවර වශයෙන් රියදුරු, කොන්දොස්තර තනතුරු සදහා 541 දෙනෙකු බදවා ගැනීමට අදාල පත්වීම් ලිපි ප්‍රදානය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහභාගිත්වයෙන් අද දින (2026.03.10) අරලියගහ මන්දිරයේ මහජන ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණ.

රියදුරන් 342 ක් සහ කොන්දොස්තරවරුන් 199 ක් වශයෙන් බදවාගත් මොවුන්ගේ සේවා කාර්යක්ෂමතාවය සලකා ශ්‍රී ලංගම පාලනාධිකාරිය විසින් ඔවුන් ස්ථිර සේවයට අන්තර්ග්‍රණය කිරීමට කටයුතු කෙරේ.

දිවයින පුරා පිහිටා ඇති ලංගම ඩිපෝ 107 ක් මගින් ලබාදෙන ප්‍රවාහන සේවාවන් සදහා මෙම නවක පත්වීම්ලාභීන් අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රගීත් මදුරංග, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න, ප්‍රධාන විධායක නිලධාරි එම්. ඒ. එල්. ධම්මිකරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පාලන) ඉන්දික කුලතිලක යන මහත්වරු ඇතුළු නිලධාරීහු, පත්වීම්ලාභීත් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය අංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *