ලංවිමේ වංචාව , දුෂණය , හොරකම නතර කිරිම ආණ්ඩුවේ වගකිමක් , එමෙන්ම විදුලිබිලට අයකරන බදු අඩු කිරිමත් ආණ්ඩුවේ වගකිමක්.

 

විදුලි බිල පිළිබඳව මහජන උපයෝගිතා කොමිසන් සභාව ඔවුන්ගේ තින්දුව ප්‍රකාශයට පත් කළා. ඒ තින්දුව අනුව සියයට 15 ක විදුලි බිල වැඩිවිමක් සිදුවෙනවා. කෙසේ නමුත් සියයට 15 කින් විදුලි බිල වැඩිවීම මහජනතාවට දරාගැනිමට හැකියාවක් නෑ. ඒ වගේම වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළා ජාතික ජනබලවේග රජයක් යටතේ විදුලි බිල සියයට 25 කින් අඩු කරනවා කියලා. නමුත් එම පොරොන්දු ඉටු කිරිම ජාතික ජනබලවේග රජය කටයුතු කරන්නේ නෑ. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කරන්නේ නැති බව ප්‍රකාශ කළ ජාතික ජනබලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි කිසිවක් වෙනස් නොකර එලෙසම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටිනවා. නමුත් ඔවුන් මැතිවරණවේදිකාවල දී ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් සංශෝධනය කරන බවයි.

ඒ වගේම සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා විපක්ෂයේ සිටින කාල සිමාවේදී විදුලි බිල වැඩිකිරිමට අවශ්‍යතාවයක් නැති බව දිගින් දිගටම ප්‍රකාශ කළා. ඒ සඳහා කොන්දේසි ගණනාවක්ද සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා විපක්ෂයේ සිටින කාල සිමාවේදී රට ඉදිරිපත් කළා. ඒ වගේම විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න විශාල මුදලක් වැය වන්නේ නැති බව සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා එදා ප්‍රකාශ කළා. ඒ වගේම විදුලි බිල වැඩි කිරිමට හේතුව වන්නේ ලංවීමේ තිබෙන දුෂණ අක්‍රමිකතා සහ වංචාවන් නිසා බව සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා එදා ප්‍රකාශ කළා. ඒ වගේම ලංවීම තුළ විශාල හොරකම් සිදුවන බවත් සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා එදා ප්‍රකාශ කළා. ඒ වගේම විදුලි බිලෙන් අයකරන සියයට 23 ක වැට් බද්ද අසාධාරණ බවත් සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා එදා ප්‍රකාශ කළා. ඒ වගේම පැවැති ආණ්ඩුවේ නායකයන්ගේ අනවශ්‍ය විදෙස් ගමන් සංචාර හරහාත් විදුලිබිල වැඩිවන බව සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා එදා ප්‍රකාශ කළා. කෙසේ නමුත් විදුලි බිලේ වැට් බද්ද ඉවත් කරන්න , අනවශ්‍ය වියදම් පාලනය කරන්න , සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුවට දැන් හැකියාව තිබෙනවා. එලෙස විදුලි බිල වැඩිවිමට බලපාන හේතු ඉවත් කරලා මහජනතාවට දරාගැනිමට හැකි මට්ටමට විදුලි බිල සංශෝධනය නොකරන්නේ ඇයි දැයි කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම විදුලි බිල මෙලෙස වැඩි කිරිමට රටේ සෑම ක්ශ්‍රේත්‍රයකටම බලපානවා. ඒ වගේම විදුලි බිල වැඩි කිරිම හරහා රටේ ආර්ථිකයට වන හානිය පිළිබඳව ආණ්ඩුව කිසිදු තක්සේරුවක් සිදුකරලා නෑ.

ඒ වගේම විදුලි බිලේ වැඩිවිම මහජනතාවට දරාගැනිමට හැකියාව තිබිය යුතු බව විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති නායක , කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් ප්‍රකාශ කරනවා. නමුත් ඔහු විපක්ෂයේ සිටින විට විදුලි බිල වැඩිවන සෑම අවස්ථාවකවම විදුලි බිල අඩු කළ යුතු බවට විශාල සටනක් දියක් කළා. ඒ වගේම 2024 දෙසැම්බර් මාසයේ වැඩිවුණා මෙන් විදුලි බිල මෙවර වැඩි වී නැති බව නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. ආණ්ඩුවේ සියලුම දෙනා මෙවැනි කතාවලින් රටේ ජනතාව තවත් මුලාවට පත් කරන්නයි උත්සහ කරන්නේ. ඒ වගේම වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කරමින් සිටින බවත් දැන් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව විදුලි බිල වැඩි කිරිමට ගත් උත්සාහය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය දැඩි විරෝධයක් පළ කරනවා. කෙසේ නමුත් ලංවිමේ වංචාව , දුෂණය , හොරකම නතර කිරිම ආණ්ඩුවේ වගකිමක් , එමෙන්ම විදුලිබිලට අයකරන බදු අඩු කිරිමත් ආණ්ඩුවේ වගකිමක්. ඒ අනුව රටේ ජනතාවට සහනයක් ලබාදෙන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බව ඉල්ලා සිටිමි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *