වත්මන් අගමැති ධුරයේ වෙනසක් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
අගමැති හා අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය එකී ධුරයෙන් ඉවත් කිරීමේ හෝ අස්වීමේ සූදානමක් ඇතැයි පැතිරෙන ප්‍රචාරයන්හි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව කළ විමසීමේදී ය.
අගමැති ධුරයේ හෝ අධ්‍යාපන ඇමැති ධුරයේ වෙනසක් කිරීමට කිසිදු පදනමක් නැති බවත් ඇය එකී ධුරයන් හි කටයුතු කිරීමේදී කිසිදු වරදක් සිදු කර නොමැති බවත් ජවිපෙ ලේකම්වරයා පැවැසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කෙරෙන බවත් එකී පරීක්ෂණ අනුව වරද සිදුව ඇත්තේ කොහේද යන්න අනාවරණය වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
අගමැතිනිය ඉවත් කරනු ඇතැයි කියමින් විපක්ෂය දකින්නේ දවල් හීන බවද ඔහු පැවැසීය.
අගමැති හරිනි අමරසූරිය ඉලක්ක කර පහර දෙන්නේ ඇය විපක්ෂයට අභියෝගයක් නිසා යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වැඩිදුරටත් කියා සිටියේය.


