වාර්තා පිට වාර්තා අලුත්කළ එංගලන්ත – දකුණු අප්‍රිකා සටන

BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 146ක වාර්තාගත ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (12) සමත් විය.

මැන්චෙස්ටර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 304ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ වෙතත් ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට රැස්කළ හැකිවූයේ පන්දුවාර 16.1කදී සියලු දෙනා දැවී ලකුණු 158ක් පමණි.

මෙය එංගලන්තය ඉහළම ලකුණු පරතරයක් සහිතව ලැබූ විස්සයි20 ජයග්‍රහණය වේ.

මෙම ජයත් සමග ඔවුන්ට තරග 3කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස සමකිරීමටද හැකිවිය.

එංගලන්තය රැස්කළ ලකුණු සංඛ්‍යාව ICC පූර්ණ සාමාජික රටක් ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ලකුණු 300 සීමාව පසුකළ පළමු අවස්ථාව වේ.

මීට පෙර එම වාර්තාව ඉන්දියාව විසින් පිහිටුවා තිබූ අතර, ඔවුන් 2024 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 297/6ක් රැස්කර තිබුණි.

ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ 2024 වසරේ පැවති තරගයකදී ගැම්බියාවට එරෙහිව සිම්බාබ්වේ ලකුණු 344/4ක් රැස්කිරීමය.

මෙහිදී එංගලන්තය වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් දියත්කළ ෆිල් සෝල්ට් පන්දු 60කින් නොදැවී ලකුණු 141ක් රැස්කළේය.

එය එංගලන්ත පිතිකරුවෙකු විස්සයි20 තරග බිමේ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ඉන් ශතක කඩඉම ඔහු පන්දු 39කින් පසුකළ අතර, එය එංගලන්ත පිතිකරුවෙකු විස්සයි20 තරග බිමේ රැස්කළ වේගවත්ම ශතකය ලෙස වාර්තා අතරට එක්විය.

මෙම තරගයේ දී ජොෂ් බට්ලර්ද පන්දු 30කින් ලකුණු 83ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහු හා ෆිල් සෝල්ට් පළමු කඩුල්ලට පන්දුවාර 7.5කදී ලකුණු 126ක සබඳතාවක්ද පැවැත්වූහ.

Spread the love

One thought on “වාර්තා පිට වාර්තා අලුත්කළ එංගලන්ත – දකුණු අප්‍රිකා සටන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *