වාහන අංක තහඩු මුද්‍රණය යළිත් ඇරඹේ.!
වාහන අංක තහඩු මුද්‍රණය යළිත් ඇරඹේ.!
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ගොඩගැසී තිබෙන අංක තහඩු නිකුත් කිරීම හැකි ඉක්මණින්…!
පසුගිය වසරේ පටන් අක්‍රීයව තිබූ වාහන අංක තහඩු මුදුණය කිරීම නැවත සක්‍රීය කිරීමට, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නව සමාගමක් සමඟ ගිවිසුම්ගත වීම අද දින සිදුවිය.
ඒ අනුව අද (10) පෙරවරුවේදී ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ජ්‍යේෂඨ මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරසිහ මහතා සහ සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම අතර මෙම නව ගිවිසුම් අත්සන් තැබීම සිදු කෙරිණි.
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ දී පැවති මෙම අවස්ථාවට, මෝටර් රථ දෙපාරේතමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ඒෂියන් ටෙක්නොජි සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
මාස 10ක පමණ කාලසීමාවක් වාහන අංක තහඩු මුද්‍රණය කිරීම නැවතී තිබූ අතර ඒ හේතුවෙන් මේ වනවිට අංක තහඩු විශාල ප්‍රමාණයක් මුද්‍රණය කිරීම ගොඩගැසී තිබේ. මෝටර් රථ දෙපාර්තමේන්තුව සමග අද දිනයේ නව ගිවිසුම්ගත වූ සමාගම විසින් මුද්‍රණ යන්ත්‍ර ප්‍රමාණය 10 දක්වා වර්ධනය කර එම ගොඩගැසී තිබෙන අංක තහඩු සියල්ල කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව පැවසීය.

