වැස්සක් ගැන දැනුම්දීමක්
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවයි.
මධ්‍යම සහ ඌව පළාත්වලත්, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තරමක තද වැසි ඇති වීමේ ඉඩකඩක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද දැනුම්දෙනවා.
බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.


