විදුලි බිල වැඩි කිරීම නතර වූයේ සජබයේ බලපෑම නිසා

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සමගි ජන බලවේගය බවත් 2020 පෙබරවාරි මාසයේ ආරම්භ වූ සමගි ජන බලවේගය වසර 30ක් මැතිවරණ කළා යැයි සමහරු හිතා ගෙන හිටියත් සමගි ජන බලවේගය මේ වන විට මැතිවරණ 4කට පමණක් මුහුණ දී ඇති බවත් මේ කාලය තුළ මෙරට විපක්ෂයක් ලෙස දැවැන්ත කාර්යභාරයක් සමගි ජන බලවේගය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව සහ විදුලි බල මණ්ඩලය අයි.එම්.එෆ් උපදෙස් සහ කොන්දේසිවලට අනුව 6.8%කින් විදුලි බිල වැඩි කරන්න ගිය අවස්ථාවේ පසුගිය දිනවල තමා ඇතුළු සජබය රට වටේ ගොස් විදුලි බිල වැඩි කළොත් මහපාරට බහිනවා යැයි කියු නිසා අද උදේ පාන්දරම ආණ්ඩුවේ විදුලි බිල වැඩි කිරීමේ තීරණය මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉයේ මහනුවර දී මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමඟ පැවැති හමුවකදීය.

ආණ්ඩුවේ අසාධාරණ විදුලි බිල වැඩි කිරිම නතර වූයේ සමගි ජන බලවේගයේ බලපෑම නිසා බවත් මාස 3කට විදුලි බිල වැඩි වීම අත්හිටුවීම පමණක් නොව ඉදිරි දින සති කිහිපය තුළ විදුලි බිල 33%කින් අඩුවිය යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පසුගිය මැතිවරණ වේදිකාවල කියූ ආකාරයට රු. 9000 බිල රු. 6000ත් රු. 3000 බිල රු. 2000 දක්වා 33%කින් අඩුවිය යුතු බවත් එසේ නොකළහොත් මෙරට ජනතාව සමඟ මහපාරට බැස අරගල කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම විදුලි බිල වැඩි කරන්න යැයි රජයට බලපෑමක් එන්නේ අයි. එම්. එෆ්. එකෙන් බවත් වත්මන් රජය විපක්ෂයේ සිටින විට කිව්වේ පසුගිය රජයේ අයි. එම්. එෆ්. ගිවිසුම වෙනස් කරනවා යැයි වුවත් ඔවුන් අදටත් ඒ ගිවිසුම වෙනස් නොකළ බවත් මොවුන් දුන් පොරොන්දු අමතක කර අයි. එම්. එෆ්. එකේ වහලකු වී ඇති බවත් මේ රටේ ජනතාව දැඩි පීඩනයකින් දැන් ජීවත් වන බවත් රටෙන් 50%කටත් වඩා අද දුප්පත් වී ඇති බවත් මේ දුප්පත් ජනතාව මත විදුලි බිල වැඩි කර තවත් පීඩනයක් දෙන්න රජය කටයුතු කරන බවත් ප්‍රායෝගික සක්‍රීය ඩීල් ගහන්නේ නැති ජනතාව පාවා නොදෙන ජනතාවාදී ජනහිතකාමී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රටේ ජනතාවගේ මානව දේශපාලන අයිතිය සුරකින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *