විදේශීය හිමිනමකගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා දී යුද්ධ හමුදා සෙබළෙකුගෙන් උදාර ආදර්ශයක්.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන මියැන්මාර ජාතික ස්වාමීන්වහන්සේ නමකට අයත් මුදල් සහ වටිනා ලියකියවිලි අඩංගු පසුම්බියක් නැවත භාරදීමට කටයුතු කරමින් ශ්‍රී ලංකා යුද හමුදා සෙබළෙකු සමාජයට උදාර ආදර්ශයක් සපයා තිබේ.
පිටකොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයක ගමන් කරමින් සිටියදී මියන්මාර ජාතික ඤානෝ ස්වාමීන් වහන්සේට අයත් රුපියල් 80,000ක මුදලක් සහ වැදගත් ලියකියවිලි රැසක් අඩංගු මුදල් පසුබියක් පසුගිය 06 වැනිදා මෙලෙස අස්ථානගත වී ඇති අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරන ලාන්ස් කෝප්‍රල් රත්නායක කේ.කේ.පී.කේ. විසින් බස් රථයේ තිබී මෙම පසුම්බිය සොයාගෙන ඇත.
අනතුරුව මෙම යුද හමුදා සෙබළා වහාම ඒ පිළිබඳව ගොඩගම පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොටිගල නන්දරතන නායක හිමියන් දැනුවත් කර අදාළ මියන්මාර ජාතික හිමිනම සම්බන්ධ කර ගෙන ගොඩගම පුරාණ විහාරස්ථානයේදී එම දේපළ සියල්ල සුරක්ෂිතව හිමිකාර විදේශීය හිමිනම වෙත භාර දෙන ලදී.
මෙම සිදුවීමෙන් යුද හමුදා සෙබළා ප්‍රදර්ශනය කළ අවංකභාවය සහ විනයගරුක බව මියන්මාර ජාතික හිමිනමගේ මෙන්ම විහාරාධිපති හිමියන්ගේද ඉහළ පැසසුමට ලක්විය. රටේ ගෞරවය ආරක්ෂා කරමින් හමුදා සෙබළෙකු කළ මෙම ක්‍රියාව සෙසු ආරක්ෂක අංශ සාමාජිකයින්ට මෙන්ම සමස්ත සමාජයටම මනා ආදර්ශයක් බව ඔවුහු පෙන්වා දුන්හ.

