විමසිලිමත් වන්න අදත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි BBCMirror.lk sfmnewslk.com
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියේ පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බවයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 6 බැගින් සහ දොරටු 4ක් අඩි 4 බැගින් විවෘත කර ඇති බවය.
එම ජලාශයෙන් තත්පරයට ඝන අඩි 19,400 බැගින් දැදුරුඔයට නිකුත් කෙරෙන බව වාරියපොළ ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කර සිටී.
එපමණක් නොව තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු 4ක් අඟල් 3 බැගින් විවෘත කර ඇති අතර වාන් දොරටු 4ක් අඟල් 2 බැගින් විවෘත කර ඇති බව වාර්තා වෙයි.


