ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ධූර කාලය 2025/08/07අවසන් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
දියවඩන නිලමේවරයාගේ කාලය වසර දහයක් වන අතර ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රථමයෙන් වර්ෂ 2005 දී එම තනතුර සඳහා පත් වූ අතර, යළිත් වරක් 2015 දී ද දෙවන වරටත් දියවඩන නිළමේ ධූරයට පත්විය.
විහාර දේවාලගම් පනතට අනුව අටවන දින සිට(08) වැඩ බලන දියවඩන නිළමේ වරයෙකු පත් කරගත යුතු අතර එදින සිට මාස තුනක් ඇතුළත දියවඩන නිලමේවරයෙකු තෝරාපත් කරගත යුතු වේ.
දියවඩන නිලමේවරයා තෝරා පත් කරගනු ලබන නිලවරණයේදී ඡන්දය ඡන්ද බලය හිමිවනුයේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් ඇතුළු රජ මහා විහාරාධිපති ස්වාමීන් වහන්සේලා එකසිය පනස් නමකට(150), ප්‍රාදේශීය ලේකම්වරු එකසිය හැත්තෑ දෙනෙකුට(170), බස්නායක නිලමේවරුන් තිස් එක් දෙනෙකුට(31) හා ගිහි භාරකරුවන් දහ දෙනෙකුට (10) ද වශයෙන් ඡන්දය අයිතිය හිමි වේ

