ශ්‍රී ලංකාවට කඩුළු 8 ක තවත් තරගාවලි ජයක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ශ්‍රී ලංකාවට තවත් තරගාවලි ජයක් – අවසන් විස්ස විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 8ක් ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට (07) දින සමත් වුණා.

ඒ අනුව තරග‍යේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 191 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Tadiwanashe Marumani ලකුණු 51 ක් හා නායක Sikandar Raza ලකුණු 28 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂාන් හේමන්ත කඩුලු 3 ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳහෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 33 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 30 ක් හා නොදැවී පන්දුවට පහරදුන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 46 ක් හා කමිල් මිෂාර සිය මංගල අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 73 ක් ලබාගත්තා

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *