ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහන
www.bbcmirror.lk
www.sfmnewslk.com
www.Lankawebnews.lk www.ceylonwebrepoter.com
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
එක් වරක් පමණක් සිදු කරන වැඩ සටහනක් නොව දිගුකාලීන තිරසාර වැඩසටහනක් ලෙස ” පිරිසිදු අද – හරිත හෙට ” ආරම්භක වැඩ සටහන යටතේ දිවයින පුරා පිහිටි ගුවන් හමුදා කදවුරු තුල පරිසර බලපෑම් ඇගයීමට ලක් කරමින් කසල කළමනාකරණය කදවුරු පිරිසිදු කිරීම වෘක්ෂාරෝපණය පරිසර හිතකාමී උද්‍යාන වගාව ජලය සංරක්ෂණය වැනි ක්‍රියාකාරකම් රැසක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් Aitken Spence Plc ආයතනය හා සහයෝගයෙන් ඉකුත් දා (26) ගුවන් හමුදා මූලස්ථානයේ දී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බිංදු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය Aitken Spence Plc , ආයතනයේ අධ්‍යක්ෂ රොහාන් ප්‍රනාන්දු ඇතුළු කාර්ය මණ්ඩලය හා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් රැසක් සහභාගී වූහ.


