ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ ප්‍රථම සිංහල හා දමිල විද්‍යාලයක් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

හතර වනවරටත් නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණයේදී අප්‍රේල් 02 සිට 04 දින දක්වා.

නුවරඑළිය ගාමිණි ජාතික පාසල සහ හෝලි ට්‍රිනිටි දමිල මහා විද්‍යාලය අතර අඛණ්ඩව සිව්වන වරටත් පැවැත්වෙන “බැට්ල් ඔෆ් ලිටිල් ඉංග්ලෑන්ඩ්” සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ මාධ්‍ය සාකච්ඡාව (28) සවස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

නුවරඑළිය ගාමිණී ජාතික පාසල සහ ගොලි ට්‍රින්ටි දෙමළ මහා විද්‍යාලය ජාතීන් හා ආගම් හතර සංහිඳියාව ඇති කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව තුළ දමිල හා සිංහල පාසලක් එකමුතුව සංවිධානය කරනු ලබන එකම ක්‍රිකට් සැණකෙළිය වශයෙන් පැවැත්වෙන “ද ෆෝත් බැටිල් ඔෆ් ලිටිල් ඉන්ග්ලෑන්ඩ්” ක්‍රිකට් තරගාවලිය එළැඹෙන අප්‍රේල් මස 2 – 3 – 4  තෙදින නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය ,

තරගාවලිය සඳහා වන නිල දැනුම් දීම් සහ අරමුණු පැහැදිලි කිරීම වෙනුවෙන් (02) දින සවස මෙම විශේෂ මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණ ,

මෙම අවස්ථාව සදහා පාසල් දෙකෙහි විදුහල්පතිවරුන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් ආදි ශිෂ්‍යය සංගම් නිලධාරීන් ගුරුවරුන් දෙමාපියන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී විය.

මෙම ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම තුළින් අනාගතයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සඳහා දක්ෂ ක්‍රීඩකයින් බිහිකිරීම අරමුණින බව විදුහල්පතිවරුන් මෙහිදී අදහස් දක්වමින් විදුහල්පතිවරුන් ප්‍රකාශ කළේය ,

තවද පාසල් දෙකෙහිම ක්‍රීඩා කරන දුවා දරුවන් අතරින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති ක්‍රීඩකයන් ගණනාවක් ඇති අතර ඔවුන් තව තවත් ඉදිරියට යැවීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙන් සහ රජයෙන් සහයෝගය පතන බවද ඔවුන් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය .

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *