ශ්‍රී ලාංකික දිනය’ ගැන ජනපති දෙමළ, මුස්ලිම් නියෝජිතයන් සමග සාකච්ඡා කරයි BBCMirror.lk sfmnewslk.com

සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත්වීමේ අවස්ථාව ලබාදිය යුතු බවත්, අපේ රට කවර හෝ ජාතිවාදී උගුලකට හසුවීමට ඉඩ නොතබන බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබාදෙන ලෙස සියලුදෙනාට ආරාධනා කළේය.
මෙම දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකික දිනයේ දැනට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳව විපක්ෂය නියෝජන කරන දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයන් සහ නියෝජිතයන් දැනුවත් කිරීම සහ අදහස්, යෝජනා ලබා ගැනීම වෙනුවෙන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවට එක්වෙමිනි.
ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව සියලු ජන කොටස් එක්කර ගනිමින් ‘ශ්‍රී ලාංකික දිනය’ පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සියලු ජාතීන් එක් කර ගනිමින් ශ්‍රී ලංකා දින සැමරුම සංවිධානය කිරීම, මීට සහභාගී වූ සියලු පක්ෂ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ ඇගයීමට ලක්කලහ


