සයිබර් අපරාධ 2025 දී සැලකිය යුතු ලෙස වැඩිවීමක් – ශ්‍රී ලංකා CERT අනතුරු අඟවයි

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

මාධ්‍යවේදී

කොලින් හරිශ්චන්ද්‍ර

Digital වේදිකා භාවිතා කරමින් සන්නිවේදනය වෙළඳාම හා මූල්‍ය කටයුතු සිදු කිරීමේදී ජනතාවගේ විශ්වාසය උපයෝගී කර ගනිමින් සයිබර් අපරාධකරුවන් නවීන හා වංචනික ක්‍රම භාවිතා කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (ශ්‍රී ලංකා CERT) ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමනුපොළ මහතා පවසයි.

ගත වී ගිය 2025 වසරේදී සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිතය හා සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලි 12650 කට වැඩි ප්‍රමාණයක් CERT වෙත ලැබී ඇති අතර මෙය පෙර වසර වලට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමක් බව ඔහු සඳහන් කරයි. විශේෂයෙන් ව්‍යාජ ගිණුම් හැකි කරන ලද ගිණුම් හා මූල්‍ය වංචා බහුලව දක්නට ලැබුණු බවද ඔහු විසින් පෙන්වා දුන්නේය.

අන්තර්ජාලයේ සුපරීක්ෂාකාරව සිටීම පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු බෙදා නොගැනීම සැක සහිත පණිවිඩ හා සබැඳි සත්‍යාපනය කිරීම ද්වි සාධක සත්‍යාපනය (Two- Factor Authentication) හා ශක්තිමත් මුර පද භාවිතා කිරීමේ වැදගත් බව දමුණු පොළ මහතා අවධාරණය කළේය.

මෙවැනි වංචාවන්ට ගොදුරු වීමේ අවදානම ඉහලින්ම ඇත්තේ දැනුම අඩු තරුණ තරුණිය න් ට  වැඩිහිටි පරිශීලකයින් හට හා පළමු වරට අන්තර්ජාලය භාවිතා කරන්නන් හට බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සයිබර් අපරාධ සිදුවීම් වහාම වාර්තා කිරීමෙන් හානි අවම කිරීමට හැකි බවත් එවැනි සිදුවීම් ලැබුණු විට 101 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ හෝ report@cert.gov.lk විද්‍යුත් තැපෑල හරහා ශ්‍රී ලංකා CERT වෙත දන්වා සිටින ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සයිබර් ආරක්ෂාව රට පුරා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා CERT පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන ආයතන සේවා සපයන්නන් සහ වෙනත් පාර්ශ්ව සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කරන බවද ඔහු පවසා සිටි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *