සෞඛ්‍ය ඇමතිගෙන් GMOA වර්ජනයට ප්‍රතිචාරය

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

සීමාවාසික පුහුණුව සම්පූර්ණ කළ වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමේ ක්‍රමවේදයට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කර ඇති වර්ජනය, සාකච්ඡා කිරීමට පදනමක් නොමැති ක්‍රියාමාර්ගයක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

අද (04) දින GMOA විසින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“සාධාරණ හේතු මත නම් වර්ජනය, අපට සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් මේක සාකච්ඡා කරන්නවත් දෙයක් නැති පදනමක් නැති වර්ජනයක්.

මමත් එක්ක තියෙන ප්‍රශ්නයකට ඔබ මට අභියෝග කරනවා නම්, හොඳම දේ රෝගී ජීවිත ප්‍රාණ ඇපයට නොගෙන ඔවුන් මේකෙන් අයින් කරන්න.

සීමාවාසික පත්වීම් ලබාදීම නීති විරෝධී කියලා කියනවා නම් හොඳම දේ, මට විරුද්ධව අධිකරණයට යන්න. එවිට මම එක පැත්තක, ඔබ කණ්ඩායම තව පැත්තක. එවිට මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න පුළුවන්.

ඒ නිසා ඇමතිවරයා එක්ක තියෙන ප්‍රශ්නය ජනතාව පිටින් යවන්න එපා” යැයි පැවසීය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *