හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

 

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (29) යළි කැඳවීමට නියමිතව තිබේ.

ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණි.

ඒ අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය අගෝස්තු මස 22වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය හිටපු ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප තුනක් යටතේ මුදාහැරීමට නියම කළ අතර නඩුවිභාගය අද දිනයේ යළි කැඳවීමට නියෝග කළාය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *