හිටපු මන්ත්‍රීලාගෙන් යැපෙන 182 කගේත් පැන්ෂන් කැපේ

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත සම්මත වීමෙන් පසු එම විශ්‍රාම වැටුප අහිමි වන පිරිස අතර හිටපු මන්ත්‍රීවරුන්ගේ කලත්‍රයන් (බිරිඳ හෝ සැමියන්) 182ක්ද සිටින බව වාර්තාවේ.

මේ අතර විශ්‍රාම වැටුප අහිමිවන පිරිස අතර රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වුණු පනහකට ආසන්න පිරිසක්ද සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව මේ අයට මුල් තනතුරේ විශ්‍රාම වැටුප මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ විශ්‍රාම වැටුපද අහිමිවී කිසිදු විශ්‍රාම වැටුපක් නොමැති අයකු බවට පත්වනු ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව හිටපු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබන සතියේදී පෙත්සම් ඉදිරිපත් කිරීමට නියමිතය.

විධායකයට අධිකරණයට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නම් ව්‍යවස්ථාදායකයට පමණක් විශ්‍රාම වැටුප කප්පාදු කිරීම අසාධාරණ බවට එම මන්ත්‍රීවරුන්ගේ නීතිඥයන් විසින් මෙහිදී තර්ක කෙරෙනු ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥයන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද ඉදිරිපත් වෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසූවේ මෙරට අධිකරණ පද්ධතියෙන් සාධාරණයක් නොලැබුණහොත් ජාත්‍යන්තර අධිකරණයට යන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මේ මස අග පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිතය.

එම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුනා

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *