හිරු මාධ්‍ය ආයතනය ගැන නිසි පියවර ගන්නා ලෙස පොලීසිය TRC වෙතින් ඉල්ලයි
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
හිරු මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස, පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) වෙත දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
හිරු මාධ්‍ය ජාලය මඟින් තහවුරු කර නොගත් සාවද්‍ය ප්‍රවෘත්ති විකාශය කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි, මේ සම්බන්ධයෙන් NewsCenter.lk අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් මහතා සඳහන් කළේ.
ඒ අනුව පොලීසිය විසින් ලිඛිතව TRC වෙත මෙම දැනුම් දීම සිදුකර තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, හිරු මාධ්‍ය ජාලය මඟින් තහවුරු කර නොගත් ප්‍රවෘත්ති විකාශය කිරීම පිළිබඳව දිගින් දිගටම නිරීක්ෂණය වීම මත පදනම්ව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.



