2022 අරගලය සිදුවූ දින කලහකාරීන් විසින් ගිනි තබා විනාශ කරන ලද බස් රථ 100ක් පමණ වෙනුවෙන් වසර 4කට ආසන්න වුවද නිසිලෙස වන්දි ලැබී නැතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

2022 මැයි 09 වැනිදා අරගලයත් සමග මහා මාර්ගයේ ධාවනය වූ බස් රථ මෙන්ම අරලියගහ මන්දිරයට මගීන් රැගෙන පැමිණි බස් රථද විනාශකර තිබූ බවත්, එම බස් රථ පැමිණියේ නිසියාකාර මුදල් ලබාගෙන අවශ්‍ය තැනට මගී ප්‍රවාහනයට පමණක් බවත් විජේරත්න මහතා කීය.

ගිනි තැබීම නිසා සම්පූර්ණයෙන්ම විනාශ වූ බස් රථ 35කට පමණ කිසිදු වන්දියක් ලැබී නැතැයි ද රක්ෂණ ආවරණ ලබාදුන් බස් රථ සඳහා ද හිඟ වාරික අයකරගෙන රුපියල් ලක්ෂ 05ක් 06 ක් වැනි වන්දි මුදලක් ලැබී තිබූ බවද ඔහු කීය.

මේ වනවිට බස් රථයක් රුපියල් ලක්ෂ 170ක් පමණ වන බවත්, ගිනිතබා විනාශ කළ බස් රථවලට නිසිලෙස වන්දි නොලැබීම නිසා ඇතැම් බස් රථ හිමියන්ගේ පවුල්වල දරුවන්ගේ වැඩකටයුතු ඇතුළු අනෙකුත් දේවල් සිදුකර

ගැනීමට නොහැකිව අසරණවී ඇති බව වාර්තා වී ඇතැයි ද විජේරත්න මහතා කීය.

අරගලය දින විනාශ කළ බස් රථවල වන්දි ලබාගැනීමට නොහැකි වූවත් ඇතැම් දේශපාලකයන් නිවාස ඇතුළු ඔවුන්ගේ විනාශයට පත්වූ දේපළවලට වන්දි ලබාගෙන ඇති බවට වාර්තා වූ බවත් විජේරත්න මහතා තවදුරටත් කීය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *