2026 සිට පාසල් කාලය දීර්ඝ කිරීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
පාසල් කාලය විනාඩි 30 කින් දීර්ඝ කිරීම පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලියට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ගත් සාමූහික තීරණයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අනුව පන්ති කාමරය තුළ සිදු කරන ඇගයීම් ක්‍රමවේදයේ දී, ගුරුවරයාට ඇගයීම් කටයුතුත් සිසුන්ට අධ්‍යයන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසි පරිදි සිදු කිරීම සඳහාත් එක් කාලපරිච්ඡේදයක් විනාඩි 50 දක්වා දීර්ඝ කිරීමට සිදු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර හමුවක් (22) දින ‘ඉසුරුපායේ’ දී පැවැත්විණ.
2026 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පාසල් කාලය විනාඩි 30 කින් දීර්ඝ කිරීම නිසා ඇති වන ගැටලු වෘත්තීය සමිති සාමාජිකයන් විසින් අග්‍රාමාත්‍යවරිය හමුවේ ඉදිරිපත් කරන ලදී.


