අලුත් රියැදුරු බලපත්‍රයට හැමෝම කැමති වෙනසක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසර අටේ සිට සැලකිය යුතු කාලයකින් වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවය

නව රියැදුරු බලපත්‍ර ලබාගැනීමේදී අයැදුම්කරුවන්ගේ වයස හා ශාරීරික යෝග්‍යතාව සැලකිල්ලට ගෙන රිය බලපත්‍රයේ වලංගු කාලය වසර අටකට වඩා වැඩි කිරීමට මූලික වශයෙන් සැළසුම් කර තිබේ.

එමෙන්ම මැදිවියේ හා වයස අවුරුදු 40ට වැඩි රියැදුරු බලපත්‍ර නව ඉල්ලුම්කරුවන්ට සහ රිය බලපත් අලුත්කර ගැනීමට එන අයැදුම්කරුවන්ට ගැළපෙන කාලසීමාවක් දක්වා වලංගු කාලය වැඩි කිරීමටද යෝජනා වී ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක සඳහන් කළේ මෙය තීරණයක් නොව යෝජනාවක් පමණක් බවයි. තවද එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තද එය බර වාහන රියැදුරන්ට අදාළ නොවන බවත් බර වාහන රියැදුරන් වසර තුනෙන් තුනට රිය බලපත්‍ර අලුත් කරගත යුතු බවත් හෙතෙම කීවේය.

මීට අමතරව රිය බලපත්‍ර ලබාගැනීමේදී අත්‍යවශ්‍ය වන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය යෝග්‍යතා සහතිකය මුද්‍රණය නැවත්වීමට අවධානය යොමුව ඇතැයිද ජාලගත ඩිජිටල් පද්ධතියක් ඔස්සේ මාර්ගගතව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත එම යෝග්‍යතා සහතිකය යොමු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවද ඇමැතිවරයා පැවසුවේය.

තවද වෛද්‍ය යෝග්‍යතා සහතිකය මුද්‍රණය කරදීම වෙනුවෙන් රජයට වසරකට රුපියල් මිලියන පනහක මුදලක් වැයවන බවද හෙතෙම කීවේය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *