මල්වානේ නිවස අත්පත් කරගත් ශිෂ්‍ය පිරිසට එරෙහිව පැමිණිල්ලක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ගම්පහ මල්වාන ප්‍රදේශයේ පිහිටි හිමිකාරිත්වය තහවුරු නොවූ නිවසකට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයට අයත් පිරිසක් අනවසරයෙන් ඇතුළුවී එම ස්ථානයේ රැඳී සිටීම සම්බන්ධයෙන් දොම්පේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොලීසියට පැමිණිල්ලක් භාරදී තිබේ.

වාර්තා අනුව, රජයට අයත් භූමියක් ලෙස සැලකෙන මෙම ඉඩමට සහ නිවසට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් දොම්පේ පොලීසියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මෙම නිවස සහ ඉඩම විශ්වවිද්‍යාල සිසුන් සඳහා භාවිතයට ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයට සම්බන්ධ පිරිසක් පසුගිය 14 වැනිදා සිට එම ස්ථානයේ නවාතැන් ගනිමින් විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.

2026/05/16 වැනි දිනනව ජනතා පෙරමුණ ද මේ සම්බන්ධයෙන් දොම්පේ පොලීසිය වෙත වෙනම පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, එහි නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙම ස්ථානය විශ්වවිද්‍යාල නේවාසික පහසුකම් සඳහා සුදුසු පරිදි ආරක්ෂා කර භාවිතයට ගැනීම වැදගත් බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ආසන්නයේම විශ්වවිද්‍යාල දෙකක් පවතින බැවින් මෙම දේපළ සම්බන්ධයෙන් නීත්‍යානුකූල තීරණයක් ගත යුතු බවත්, අනීතික ලෙස රැඳී සිටින පිරිස සම්බන්ධයෙන් පොලීසිය ඉක්මන් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *