බහ­රේ­නයේ පැවති ‘අඹ’ (Bahrain’s vibrant Mango festivals) උලෙ­ළේදී ශ්‍රී ලංකාවේ අඹ සඳහා ඉහළ පිළි­ගැ­නී­මක් හිමිව තිබෙනවා.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

පසු­ගිය මැයි හා ජුනි මාස­වල බහ­රේ­නයේ පැවති උත්සව කිහි­ප­ය­ක­දීම ශ්‍රී ලංකාවේ අඹ විශේෂ අව­ධා­න­ය­කට ලක්ව තිබෙනවා.

එරට ප්‍රමු­ඛ­තම සුපිරි වෙළෙ­ඳ­සල් ජාල වන ලුලු හයි­ප­ර්මා­ර්කට් (Lulu Hypermarket) හා අල් ජසීරා (Al Jazira) විසින් සංවි­ධාන කරන ලද මෙම ප්‍රද­ර්ශ­න­ව­ලදී ශ්‍රී ලාංකේය අඹ වර්ග ප්‍රමු­ඛව ප්‍රද­ර්ශ­නය කර තිබෙන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සඳහන් කරනවා.

මෙම වැඩ­ස­ට­හන් මාලාව ආරම්භ කර­මින් ලුලු හයි­ප­ර්මා­ර්කට් ආය­ත­නය මඟින් ‘Mango Mania’ නමින් අඹ උලෙ­ළක් පැවැත්වුණා.

අන­තු­රුව පසු­ගිය 4 වැනි දින අල් ජසීරා සුපිරි වෙළෙ­ඳ­ස­ලේදී පැවැ­ත්වුණු ‘The Great Mango Football Fiesta’ උලෙ­ළේදී ද ඉන්දි­යාව, තායි­ල­න්තය, මැලේ­සි­යාව, ඉන්දු­නී­සි­යාව සහ පිලි­පී­නය වැනි රට­වල අඹ වර්ග සමඟ ශ්‍රී ලංකාවේ අඹ ද ප්‍රද­ර්ශ­නය කර තිබෙනවා.

අල් ජසීරා උලෙළේ විශේෂ අංග­යක් ලෙස ශ්‍රී ලාංකේය අඹ උප­යෝගී කර­ග­නි­මින් පිළි­යෙල කරන ලද ආහාර පාන පිළි­බඳ සජීවි සූප­ශාස්ත්‍ර ප්‍රද­ර්ශ­න­යක් ද පවත්වා තිබෙනවා.

මීට අම­ත­රව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අප­න­යන භාණ්ඩ­යක් වන ලංකා තේ (Ceylon Tea) ප්‍රව­ර්ධ­නය කිරීම සඳහා ද එහි විශේෂ කුටි වෙන්කර තිබීම විශේ­ෂ­ත්ව­යක්.

බහ­රේ­නයේ ශ්‍රී ලංකා තානා­ප­තිනි ශානිකා දිසා­නා­යක මහ­ත්මි­යගේ උප­දෙස් අනුව බහ­රේ­නයේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය විසින් ක්‍රියා­ත්මක කරනු ලබන ආර්ථික රාජ්‍ය­තා­න්ත්‍රික වැඩ­ස­ට­හනේ පිය­ව­රක් ලෙස, ශ්‍රී ලංකාවේ නැවුම් අඹ සහ අනෙ­කුත් පල­තුරු වර්ග බහ­රේන් වෙළෙ­ඳ­පො­ළට හඳුන්වා දීමට එරට ප්‍රධාන සිල්ලර වෙළෙ­න්දන් දිරි­මත් කිරීම මෙම ප්‍රද­ර්ශ­න­වල මූලික අර­මුණ වී තිබෙනවා.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *