BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

කෘත්‍රිම බුද්ධිය තාක්ෂණය උපයෝගී කරගනිමින් රොබෝ යන්ත්‍රයක් නිපද වූ අනුරධපුර කටුකැලියාව විද්‍යාදීප මහා විද්‍යාලයේ සසිරු නිම්නාල් හා රමිරු නිම්නාත් යන නිවුන් පාසල් සිසුන් දෙදෙනා ඇගයීමක් (30) දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ පැවත්විණි. මෙම රෝබෝ යන්ත්‍රය තව දුරටත් සංවර්ධනය කිරීම ඇතුළු එම දරුවන්ගේ අනාගත සැලසුම් වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මගින් ලබාදිය හැකි සහයෝගය සහ මගපෙන්වීම පිළිබඳව එහිදී අවධාරණය කළෙමි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය, නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සහ ජාතික නව්‍යකරණ නියෝජිතායතනය යන ආයතන නි‌යෝජනය කරමින් එක්වූ නියෝජිතයින් මෙම නිර්මාණයේ ඉදිරි වැඩි දියුණු කිරීම් වෙනුවෙන් සහයෝගය ඵල කළහ.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් මෙහොමඩ් නවවි මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනවල නිලධාරීන්, දරුවන්ගේ පවුලේ සමාජිකයන්, ගුරුවරුන් ඇතළු පිරිසක්ද එක්වූහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *