BBCMirror.lk sfmnewslk.com ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
රියදුරු බලපත් නිකුත් කිරීම එළැඹෙන පෙබරවාරියේදී අවසන්.
රියදුරු බලපත් මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම නිසා තාවකාලිකව නවතා දමා ඇති රියදුරු බලපත් නිකුත් කිරීම එළැඹෙන වසරේ පෙබරවාරි වන විට සම්බන්ධයෙන්ම අවසන් කළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.
දැනට වේරහැර අනුරාධපුර හා හම්බන්තොට යන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල මගින් දෛනිකව බලපත්‍ර 6000 කට ආසන්න ප්‍රමාණයක් බැගින් නිකුත් කරන බවත් ඒ හරහා තාවකාලික බලපත් නිකුත් කොට ඇති රියදුරන් හට මුද්‍රණය කරන ලද රියදුරු බලපත්‍ර අදාල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාල මගින් ලබාගත් හෑකි බවට ප්‍රකාශ කළේය.
තව දුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ ලක්ෂයකට අධික වාහන සදහා වාහන අංක තහඩු නිකුත් කර නොමැති බවත් දැනට ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ වී ක්‍රියාත්මක බවයි. ඒ අනුව එයට අදාල ටෙන්ඩරය පුද්ගලික සමාගමක් වෙත නිකුත් කිරීමට හා එමගින් වාහන අංක තහඩු නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
දැනට රථවාහන 171,586 පසුගිය මාස 08 කාලය තුල ලියාපදිංචි කරන ඇති බවත් ඉන් යතුරු පැදි 127, 745 ක් ද මෝටර් රථ 26,894 ක්ද ත්‍රීරෝද රථ 5809 ක් ද්විත්ව කාර්ය වාහන 1,666 සමගින් විවිධ වාහන මෙපමණ ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බවයි

