Virtual City in Kandy නිර්මාණය කිරීමට අනුමැතිය BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අතත්‍ය නගර නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ (Virtual City Creation Project) නියමු ව්‍යාපෘතියක් ලෙස යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාව ඇතුළත් මහනුවර නගරය, Virtual City in Kandy නමින් නිර්මාණය කිරීම සඳහා හඳුනාගෙන ඇත.

එම නියමු ව්‍යාපෘතියෙහි පළමු කොටස ලෙස මහනුවර නගරය කේන්ද්‍ර කර ගත් සංචාරක ආකර්ෂණයන් හා සංචාරක විභවයන් සහිත ස්ථානයන් ලෙස ප්‍රමුඛතාව මත හඳුනාගත් ස්ථාන 58ක් සහ එම ව්‍යාපෘතියෙහි දෙවන කොටස ලෙස ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය හා ඒ ආශ්‍රිතව පවතින ඵෙතිහාසිකමය හා සංචාරකමය වැදගත්කමකින් යුක්ත වූ ස්ථාන 20ක් තාක්ෂණිකව නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත.

නිෂ්පාදන ආයතනය සතු ශක්‍යතාව හා තාක්ෂණික හැකියාව පිළිබඳවත්, එම ආයතනය මගින් සිදු කර ඇති පූර්ව නිෂ්පාදන කටයුතු පිළිබඳවත් ඇගයීමක් සිදු කොට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අදාළ කාර්යය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සුදුසු බවට නිර්දේශ කර ඇත.

ඒ අනුව, Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ වෙන් කර දී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් Virtual City in Kandy ව්‍යාපෘතියෙහි නිෂ්පාදන කටයුතු සිදු කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *