අද (21) සිට ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ආරම්භ වූ සාමයේ පාගමන වැඩසටහනට ජනාධිපතිතුමාගේ සහයෝගය පළ කර තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ජනාධිපතිතුමා තම X ගිණුම හරහා සටහනක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

“සියලු ජනයා අතර සිහිබුද්ධිය, මෛත්‍රිය, එකමුතුකම සහ සමගිය ප්‍රවර්ධනය කරමින් අද ආරම්භ වන ‘සාමයේ පා ගමන’ සඳහා සහයෝගය දැක්වීමට ලැබීම මම ගෞරවයක් කොට සලකමි.” ලෙස එහි සඳහන් වේ.

තවද මෙම ආගමික හා ආධ්‍යාත්මික කටයුත්ත පිළිබඳව සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කර ඇත.

“මෙම පූජනීය පා ගමන දඹුල්ලෙන් ආරම්භ වී, සර්වඥ ධාතූන් වහන්සේලා සහ බෝධි අංකුරයක් ද රැගෙන දිවයින පුරා ගමන් කරන විට, අපේ උරුමය මූර්තිමත් කරන සාමය සහ කරුණාව යන සදාකාලික වටිනාකම් පිළිබඳව නැවත ආවර්ජනය කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරමි.

Spread the love

One thought on “අද (21) සිට ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ආරම්භ වූ සාමයේ පාගමන වැඩසටහනට ජනාධිපතිතුමාගේ සහයෝගය පළ කර තිබේ.

Leave a Reply to Josh410 Cancel reply

Your email address will not be published. Required fields are marked *