තරුණ තරුණියන් විශාල පිරිසකට අලුත් රැකියා අවස්ථා BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

තරුණ තරුණියන් හැට දහසකට ආසන්න පිරිසකට අලුත් රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසනවා.

පසුගිය අයවැයෙන් තිස් දහසකට රැකියා අවස්ථා ලබාදීමට යෝජනා කෙරුණු මෙම ප්‍රමාණය ඉක්මවා හැට දහසක පමණ රැකියා ප්‍රමාණයක් ලබාදීමට රජය තීරණය කර ඇති බවයි ඒ මහතා පවසන්නේ.

මේ අතර, කළමනාකරණ සේවා පත්වීම් 1890ක් පසුගියදා රට පුරා තරග විභාග පැවැත්වීමෙන් පසුව ලබාදී ඇති බවත්, තරග විභාගවලින් තොරව හිතවත්කම් මත රැකියා නොදෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

මෙම රැකියා බඳවාගැනීම් වැඩසටහන තරුණ පරම්පරාවේ රැකියා අපේක්ෂාවන් සපුරාලීමට රජයේ උපායමාර්ගික පියවරක් ලෙස සැලකෙන අතර, එය මධ්‍යම මට්ටමේ රැකියා වෙළඳපොළේ අභියෝගවලට මුහුණ දීමේ කොටසක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *