පෞද්ගලික ඉඩමෙන් මනුස්සකමට යන්න දුන්න පාර අයිති කර ගන්න දුන්නේ නැහැ කියා හිමිකාරිනියගේ කන හිසෙන් වෙන් වෙන්නම සපා කාලා.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළිය ප්‍රාදේශ ලේකම් කොට්ඨාසයට අයත් සීතාඑළිය බෝල කන්ද ග්‍රාම නිලධාරී වසමේ ජීවත්වන නෝනා බට්ටොන් (වයස අවු : 56) කාන්තාවකගේ කන හිසෙන් වෙන් වෙන අන්දමින් අසල්වැසි කාන්තාවක් විසින් සපා කෑමේ සිදුවීමක් පසුගියදා නුවරඑළිය රෝහලින් වාර්තා විය ,
එම සිදුවීම සිදුවී ඇත්තේ මාර්තු මාසයේ 08 වන දිනවනන අතර කන සපා කෑමෙන් තුවාල ලැබූ කාන්තාව දින අටක කාලයක් නේවාසිකව රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නිවසට පැමිණීමෙන් පසු සිද්ධිය සම්බන්ධව සොයා බැලීමට කටයුතු කිරීමේදී තුවාල ලැබූ කාන්තාව මාධ්‍යය වෙත අදහස් දක්වමින් ක්‍රියා සිටියේ මනුස්සකමට යන්න දුන්න පාර අයිති කරගන්න දුන්නේ නැහැයි කියා සිය හිසින් කන වෙන් වෙන්නම අසල්වාසී කාන්තාව කන සපා කෑ බවයි ,
වැඩිදුර අදහස් දැක්වූ තුවාල ලැබූ නෝනා බට්ටොන් යන කාන්තාව මෙසේ අදහස් දැක්විය ,
මෙලෙස අද මගේ කන හිසෙන් වෙන් වෙලා කනක් නැතිවීමට හේතුව අසල්වැසියන් අතර ඇති වූ සුළු ප්‍රමාණයේ බහින්බස්වීම වගකිවයුතු බලධාරීන් හෑල්ලුවට තකා කටයුතු කිරීමයි ,
මම රට ඉන්න කාලේ මගේ මහත්තයාගෙන් අවසර අරගෙන හදිසි අවශ්‍යතාවයකදී විතරක් මගේ ගේ මිදුලෙන් අසල්වැසියාගේ ගෙදරට යන්න අවස්ථාව හදාගෙන තියෙනවා ,.
මම පිටරට ඉඳන් ආවට පස්සේ මම ගේ හදද්දි ඔවුන් මට ප්‍රශ්න ඇති කරේ අපි මනුස්සකමට යන්න එන්න දුන්න පාර එයාලට අයිතිය ඕන කියලා ,
මෙම ගැටලුව පිළිබඳ ග්‍රාම නිලධාරීවරිය දැනුවත් කිරීමට අපි ගිය විට ඇයට ඔවුන්ගේ පැත්ත අරගෙන කිව්වේ එම පාර පොදු පාරක් ලෙස පාවිච්චි කරන්න කැමැත්ත ප්‍රකාශ කර ලිපියක් ලබා දෙන්න කියලයි ,
මම මෙච්චර අනතුරකට මුහුණ දීලා ගෙදර ආවට පස්සෙත් ග්‍රාම නිලධාරියෙ ඇවිල්ලා මට තර්ජනය කරනවා අඩිපාර අසල්වැසි කාන්තාවට යන්න අවසර ලබා දෙනවා කියලා ලියලා දෙන්න කියලා ,
අපිට නිවසට අමතරව මිදුලක් කියලා තියෙන්නේ ඔච්චරයි. ඕකඅපිට පොදු පාරකට දෙන්නේ කොහොමද ?
එම මිදුළ සහ නිවස පිහිටි භූමිය මුළුමනින්ම මට හිමි භූමියක් ඒ භූමිය සඳහා මම වාර්ෂිකව නිසි අන්දමින් වාර්ෂික බලපත්‍ර මුදල් සහ අනෙකුත් සියලුම වරිපනම් මුදල් මම ගෙවනවා ,
එහෙම එකේ තවත් කෙනෙකුට යන්න මගේ ඉඩමින් මං ඇයි ඉඩ දෙනවා කියලා ලියුමක් දෙන්න ඕන ?
මේ ප්‍රශ්නෙ දිගින් දිගටම ඇති වෙනකොට අපි පොලිසියටත් පැමිණිලි කරන්න ගියා , එවිට පොලිසියෙන් අපිට කිව්වේ ගහගෙන මරාගෙන නෙමෙයිනේ මෙතනට ඇවිල්ලා ඉන්නේ ඔය ප්‍රශ්නෙ කතා කරලා විසඳගන්න කියලා පොලිසියෙන් අපිව එළවා ගත්තා .
එදා අපි පැමිණිලි කරපු තැන්වලින් හරි සාධාරණ විදිහට පරීක්ෂණයක් කරලා මේ ප්‍රශ්නෙ විසඳලා තිබ්බනම් අද මට කනක් අහිමි වෙන්නේ නැහැ ,
පසුගිය () වන දින මම උදෑසන ගෙදර මිදුලේ දර කපමින් සිටියදී අසල්වැසි කාන්තාව හා මා සමග මගේ ගේ මිතුරින් යන අඩි පාර ගැන බහින්බස්වීමක් ඇතිවී ඇය මාව කොණ්ඩෙන් ඇදගෙන ඇයගේ නිවස මිදුලේ දමාගෙන කන හපා කෑවා ,
මට කර කියාගන්න දෙයක් නැතිව උදව්වට මගේ දුවව කතා කරලා එතෙන්ට ගෙන්න ගත්තහම දුව මාව බේරෙනකොට කන හපලා බිමටම දාලා ඉවරයි ,
එතනට දුවගෙන ආපු දුවගෙ අතත් හපලා එයත් දවස් දෙකක් රෝහල් ගතවෙලා ප්‍රතිකාර ලැබුවා ,
රජයේ නිලධාරීන්ගේ වගකීමක් නැති කම හේතුවෙන් අද මට මගේ කනක් අහිමි වුණා මට මේකට සාධාරණයක් කරලා දෙන්න කියලා තමයි වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ,
මෙම ගැටළුව පිළිබඳ නුවරඑළිය පොලිසීන් අප සිදු කළ විමසමකට අනුව ඔහුන් කියා සිටියේ කන සපා කෑමෙන් තුවාල ලැබූ කාන්තාව පොලිසිය සිය පැමිණෙනු ලබා නොගත්ව සිදුකරන චෝදනාව පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පොලිසිය වෙත සිදුකර ඇති පැමිණිල්ලට අනුව නිසි අන්දමින් නීතිය ක්‍රියාත්මක කරන බවයි ,
කෙසේ වෙතත් පොලිසී නිසි අන්දමින් ක්‍රියාත්මක නොකරන බව හා කන සපා කෑ කාන්තාව අත දරුවෙකු පෙන්වා නීතියෙන් බේරීමට කටයුතු කර ඇති බව සඳහන් කරමින් මානව හිමිකම් සංවිධානයක් ළමාරක්ෂණ අධිකාරිය වෙත පැමිණිලි අංක PCD/H/398/2026 යටතේ පැමිණිල්ලක් සිදුකර ඇත ,
එම මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂිකා ප්‍රණීතා වර්ණකුලසූරිය මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කන සපා කෑමෙන් තුවාල ලැබූ කාන්තාව සිදු කරනු ලැබූ පැමිණිලි පිළිබඳ රජයේ වගකිවයුතු නිලධාරීන් සහ පොලිසිය නිසියන් දෙමින් කටයුතු කර නොතිබීම නිසා මෙවන් ඔහු තත්ත්වයකට මුහුණ දීමට සිදුවී ඇතිබැවින් මින් ඉදිරියට හෝ රජය නිලධාරීන් හා පොලිසිය නිසි අන්දමින් කටයුතු කිරීමක් සිදු කළ යුතු බවයි ,
තවද කන සපා කෑ කාන්තාව සිය අත දරුවා පොලිසියට රැගෙන ගොස් අත දරුවා පෙන්වා පසු ගිය 07 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇප ලබාගෙන තිබෙනවා තුවාල ලැබූ කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලබන අවස්ථාවේදීම ,
ඇප ලබා ගැනීම වෙනුවෙන් අනිසි ලෙස දරුවා භාවිතා කිරීම සම්බන්ධව අපි අප සංගමයෙන් ළමාරක්ෂණ අධිකාරිය වෙත පැමිණිල්ලකුත් සිදුකළා ,
කන සපා කෑමෙන් තුවාල ලැබූ කාන්තාව ග්‍රාම නිලධාරීවරිය තමන් විසින් සිදු කල පැමිණිලි වලට නිසි අන්දමින් කටයුතු කර නොමැති අතර පක්ෂපාතීව කටයුතු කළ බව පවසන චෝදනාව පිළිබඳව නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතාගෙන් අප සිදු කළ විමසමකට ඔහු කියා සිටියේ අදාළ සිදුවීම පිළිබඳව විශේෂ කණ්ඩායමක් මගින් විමර්ශන කටයුත්තක් මේ වන විටත් ආරම්භ කර ඇතිබවයි .


A friend recommended 78brlbet to me. I can say that it is an honest bookmaker that gives you the winnings you deserve. Give it a look : 78brlbet
Alright, folks, I gave 5gjilicasino a whirl and gotta say, I was pleasantly surprised! The slots were hot, and the vibe was just right. Could use a little more variety in the table games, but overall a solid experience. Definitely worth checking out if you’re looking for a new spot to spin the reels! Check them out at 5gjilicasino
I gave casinorbd777 a shot, and honestly, I was impressed. They have a great selection of games, and the site is really easy to navigate on mobile. It felt very intuitive. The bonuses were nice too but I think the wagering requirements could be a little lower, register on casinorbd777