මන්නාරම කූරෙයි ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 70 ක 163 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට යුද්ධ හමුදා සහය.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කූරෙයි ග්‍රාම නිලධාරී වසමේ ඉහළ යමින් පවතින ගංවතුර තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද්ධ හමුදා භට පිරිස් සහන මෙහෙයුම් ආරම්භ කළහ.

ඒ අනුව එම ප්‍රදේශයේ පවුල් 70කට අයත් පුද්ගලයන් 163 දෙනෙකු ඉලුප්පුකඩවායි රජයේ පාසලේ ස්ථාපිත තාවකාලික ආරක්ෂිත මධ්‍යස්ථානය වෙත ආරක්ෂිතව ඉවත් කිරීමට යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කළ අතර එහි රැඳී සිටින පිරිසට පිසූ ආහාර ලබාදීමට ද කටයුතු කර ඇත.

Spread the love

One thought on “මන්නාරම කූරෙයි ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 70 ක 163 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට යුද්ධ හමුදා සහය.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *