ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට
www.bbcmirror.com
www.bbcmirror.lk
www.bbcmirrormedia.org
‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, වසර 16කට අධික කාලයක් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා සිට අද (11) දහවල් දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.
සඳරුවන් සේනාධීර වහා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර ජාත්‍යන්තර පොලිසිය හරහා 2016 නොවැම්බර් 25 වන දා වරෙන්තුවක් නිකුත් කර තිබිණ.
එම නියෝගය නිකුත් කෙරුණේ, විනිසුරුවරුන්ට අපහාස වන ආකාරයේ පුවත් පළකිරීම හේතුවෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා ලංකා ඊ නිව්ස් කතුවරයා අත්අඩංගුවට ගන්නා බව එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර තිබූ පසුබිමකය.
රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහරදීම පිළිබඳ නඩුවට අදාළ සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ ඡායාරූප ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළකර අධිකරණයට අපහාස කළ බවට එම වෙබ් අඩවියේ කතුවරයාට චෝදනා එල්ලවී තිබේ.
www.bbcmirror.com
www.bbcmirror.lk
www.bbcmirrormedia.com
www.bbcmirrormedia.org
www.asianewsplusone.com
www.sfmnewslk.com
www.Lankawebnews.lk
www.ceylonwebrepoter.com
www.ceylonwebnews.com
https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c
https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-
https:/ www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

