ලක්ෂ 100 කට අධික කේරළ ගංජා යාපනයේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට.

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරු මත ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව නාගරික කෝවිල් මුහුදු ප්‍රදේශයේ ඊයේ (15) දින සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී  ලක්ෂ 40 කට අධික වටිනාකමකින් යුත් කිලෝ ග්‍රෑම් 14.750 ක් බරැති කේරළ ගංජා තොගයක්  අත්අඩංගුවට ගෙන ඇත.

තවද හෙරොයින් බවට සැකකෙරෙන කුඩා පැකට්ටු 24 ක් ද මේ සමගින් අත්අඩංගුවට ගෙන ඇති අතර කේරළ ගංජා තොගය පාර්සල් 09 ක බහා තිබී ඇත.

මේ සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු මරදන්කේණි පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.

තවද එදිනම (14) දහවල් කාලයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය සහ පේදුරුතුඩුව පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී යාපනය  ඉම්බර්සිඩ්ඩි ප්‍රදේශයේ පාළු නිවසක වලදමා තිබූ රුපියල් ලක්ෂ 48කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 28ක් අඩංගු පාර්සල් 12ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීෙම්දී අල්වායි ප්‍රදේශයේ නිවසක් ආසන්නයෙන් ද රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 12ක් වන පාර්සල් 5ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු පේදුරුතුඩුව පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.

ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *