මහගිරිදඹේ සිරිපා මාවත රැකීමට හමුදා විරුවන් ඉටුකළ අසිරිමත් මෙහෙවර.
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යන බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වන අසීරුතම ඉසව්ව “මහගිරිදඹයි”. පසුගිය දිනවල ඇදහැලුණු දැඩි වර්ෂාවත් සමඟ ඉඳිකටුපාණ ආසන්නයේ මහගිරිදඹ ප්‍රදේශය නායයෑමකට ලක්වූයේ බැතිමතුන්ගේ ගමන්මඟ අවහිර කරමිනි. එහෙත්, සොබාදහමේ ඒ අභියෝගය හමුවේ නොසැලී නැගී සිටි ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් සිය දායකත්වය ලබා දී එම මාවත නැවතත් සුරක්ෂිත ස්ථානයක් බවට පත්කර තිබේ.
මෙම ප්‍රතිසංස්කරණයේදී ඇතිවූ අසීරුතම අභියෝගය වූයේ ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනයයි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් මත රජමාලේ පිවිසුමේ සිට කිලෝමීටර් 4.5ක් දුරට අඩි දහස් ගණනක් උසැති බෑවුම් සහිත දුෂ්කර මාවත දිගේ සිමෙන්ති කොට්ට වැලි සහ යකඩ බර කරට ගත් හමුදා විරුවන් 3,130 දෙනෙකු “මිනිස් දම්වැලක්” සේ පෙළ ගැසී සිමෙන්ති කොට්ට 132ක් සහ අනෙකුත් අමුද්‍රව්‍ය මහාගිරිදඹ දක්වා කරින් රැගෙන යාමම එක්තරා අන්දමක දැවැන්ත මෙහෙයුමකි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) මඟපෙන්වීම යටතේ, නායගිය කොටස ස්ථාවර කිරීම සඳහා
හානියට පත් වූ පියගැටපෙළ කොටස් Dowel යොදා පාදක පාෂාණයට සම්බන්ධ කර (Random Rubble Masonry) ක්‍රමය ඔස්සේ ශක්තිමත්ව නැවත ඉදිකිරීම, ජලය ගලා යාම පාලනය කිරීම සඳහා මිලිමීටර් 300ක් උසැති අතුරු බැමි මෙන්ම මඩ ප්‍රවාහයන්ගෙන් මාර්ගය ආරක්ෂා කිරීමට මීටර් 500ක ආරක්ෂිත බැම්මක් ඉදිකිරීම පාෂාණ සන්ධි අතරින් ජලය කාන්දුවීම වැළැක්වීම සඳහා විශේෂිත සිමෙන්ති මිශ්‍රණයක් (Non-shrink cement grout) යොදා මුද්‍රා තැබීම, මාර්ගයට ඉහළින් අවදානම් සහගත ලෙස රැඳී තිබූ පඳුරු සහ ලිහිල් පස් තට්ටු ඉවත් කර මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීම ආදී ආරක්ෂිත පියවර ක්‍රියාත්මක කරන ලදී.
පසුගිය වසරේ දෙසැ. 10 දා ඇරඹි මෙම දුෂ්කර මෙහෙයුම නොකඩවා දින 27ක් පුරා සිදුකෙරුණු අතර ඉකුත් දා සාර්ථකව නිමා කොට ශ්‍රීපාදස්ථානය වන්දනාවට යන බැතිමතුන් ගේ පය නොපැකිළෙන සේ මේ මාවත තැනූ හමුදා විරුවන්ගේ දහඩිය බිඳු මෙවර සිරිපා වන්දනාවේ යන සෑම බැතිමතෙකුටම මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය.


