වැව් රක්ෂිතයේ හෝටලය වහාම කඩන්න.. දැනුම් දෙයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සනීති විරෝධී ආකාරයට භාවිත කරමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි ඉවත් කරගන්නා ලෙසට හිටපු උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත්ගේ බිරිඳ වන අජන්තා රූපසාරි හේරත්ට ලිඛිතව දැනුම් දී ඇත.

වැව් රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකරන ලද හෝටලයක් සහ ගොඩනැගිලි මසක් ඇතුළත ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක විසින් අජන්තා රූපසාරි හේරත්ට ලිඛිතව දැනුම් දී ඇත.

රජයේ ප්‍රතිපත්තියක් අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිත මායිම් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති පසුබිමක මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *