විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් BBCMirror.lk sfmnewslk.com

කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන පාලනයක් අපි ඇති කර තිබෙනවා
ජනපති
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයට මාතෘභූමිය, ජාතිය සහ දරුවන් ගොදුරු වීම වැළැක්වීම තම ඒකායන අරමුණ බවත්, කිසිදු අපරාධකරුවෙකුට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් අද ගොඩනඟා තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ සංවිධානය කළ දකුණු පළාත් වැඩසටහනට තංගල්ල මහජන ක්‍රීඩාංගනයේදි අද (20) පස්වරුවේ එක් වෙමිනි.
එහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය,
අපි මේ ව්‍යාපාරය ආරම්භ කර තිබෙන්නේ විෂ මත්ද්‍රව්‍ය උවදුර අවසන් කිරීමේ තිර අදිටනකින් යුතුවයි. එයින් තොරව මේ රටට සංවර්ධනය, සාමය, සෞභාග්‍ය උදා වන්නේ නෑ. මේ උවදුර විසින් ගම් බිම් විනාශ කර, පවුල් සංස්ථාව විනාශ කරමින් තිබෙනවා. මේ උවදුර නිසා දෙමව්පියන් තමන්ගේ දරුවා සමාජයේ කිසිදු කාර්යයක් සමඟ මුහු කිරීමට බිය වී තිබෙනවා.
මේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන්නන් සහ එයට සම්බන්ධ වූවන් පොලිස් නිලධාරීන් පවා බියට පත් කරමින් තමන්ගේ ජාවාරම් කරගෙන යන තැනටම උවදුර උඩුදුවා තිබෙනවා. මටත් පරණ පුරුදු පාරේ යමින් ඔන්න ඔහේ ඕන දෙයක් කියලා මේ විනාශය නොදැක්කා සේ ඉන්න පුළුවන්. නමුත් අපි තෝරා ගත්තේ මේ ව්‍යසනයෙන් අපේ රටත් ජනතාවත් මුදා ගැනීමේ මාවතයි. මේ ව්‍යසනය පරාජයට පත් කිරීමේ මාවතයි. ඒක අද අපේ ඒකායන අරමුණ සහ අධිෂ්ඨානය බවට පත්වී තිබෙනවා. ඒක ඔබ අපි සියලු දෙනාගේ වගකීම නොවේද?
අපරාධකරුවන්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බලය නිර්මාණය කෙරුණේ දේශපාලකයන්ගේ ආශිර්වාදයෙන්. ජුලම්පිටියේ හිටපු නිකම්ම නිකං තරුණයෙකුට ඒ බලය ආරෝපණය කළේ දේශපාලකයන් විසිනුයි. සමහර අවස්ථාවල ජනාධිපති ආරක්ෂක අංශවලට පාතාල නායකයින් සම්බන්ධ කරගත්තා. සමහර පක්ෂවල කෘත්‍යාධිකාරි මණ්ඩලවලට, සමහර කුමාරවරුන්ගේ ආරක්ෂාවට පාතාල සාමාජිකයන් සම්බන්ධ කරගත්තා. අපි සහතික වෙනවා කිසිදු පාතාල නායකයෙකුට, අපරාධකරුවෙකුට හෝ කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට දේශපාලන රැකවරණය අපේ පාලනයක් යටතේ ලබා දෙන්නේ නැති බවට. අපට ලැබුණ ජනවරමේ තිබෙන්නේ ඒ විශ්වාසයයි.
අපි සියලු දෙනා ඉලක්ක සහගතව එක අරමුණක ගමන් කරද්දී සමහරු වෙන වෙන මාතෘකා සාකච්ඡාවට ගනිමින් මේ දිශාව,සමාජ අවධානය වෙනස් කිරීමට උත්සාහ කරනවා. අපි ඒ බොරු වලවල් වල වැටෙන්නේ නෑ. අපි පොලිස් නිලධාරී මහත්වරුන්ට හා ආරක්ෂක අංශවල නිලධාරීන්ටත් කියනවා ඔබ ඔබේ නිල ඇඳුමේ ගෞරවය රැකගන්නා ලෙස.
මේ ව්‍යසනය පරාජයට පත් කිරීමේදී අපේ ගමත් සමාජයත් සමඟ සමීපව බැඳී සිටින පන්සලේ හාමුදුරුවන් වහන්සේලා, පල්ලියේ පූජකතුමන්ලා, කුරුක්කල් තුමන්ලා ඇතුළු ආගමික නායකයින්ට විශාල වගකීමක් තිබෙනවා.
අපේ ප්‍රවීණ රංගන ශිල්පීනි අනෝජා වීරසිංහ මහත්මිය වැනි කණ්ඩායම් ස්වේච්ඡාවෙන් බහුජන සංවිධාන හදාගෙන උවදුරට ඇබ්බැහි වූ දරුවන් පුනරුත්ථාපනය කරන්නට ඉදිරිපත් වී සිටිනවා ඒ නිසා මේ අයවැයෙන් අපි විශාල මුදලක් පුනරුත්ථාපන කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. ඉතාමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ පුනරුත්ථාපන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සමාජ විරෝධී පුද්ගලයකු බවට පත්වූ තරුණයා හෝ තරුණිය එම තැනට පත්වී තිබෙන්නේ ඔවුන්ගේ උපතින් ඇතිවූ පුරුද්දක් නිසා නොවේ. ඔවුන් මේ රටට වැඩදායි පුද්ගලයන් විය හැකියි. ඒ නිසා සෑම දිස්ත්‍රික්කයක්ම කේන්ද්‍ර කරගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඔබේ දරුවා, ඔබේ පවුලේ සාමාජිකයා අපට බාර දෙන්න. අපි නැවතත් කලින් හිටපු ඔබ බලාපොරොත්තු වූ ඔබේ දරුවා ඔබට ලබා දෙනවා.
දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ මේ ව්‍යසනය අද පටන් අරන් හෙට අවසන් කරන්න බෑ. මෙය අවසන් කරන තෙක් අඛණ්ඩව මෙහෙයුම් දියත් කරනවා. මේ ව්‍යසනයට එරෙහි සටන සෘජු අපරාධකාරයා සහ අපරාධයට එරෙහි වන්නා අතර සටනක් නොවේ. ඒ හා බැඳුණු දේශපාලන පෙරමුණක් තිබෙනවා. ඒ දේශපාලන පෙරමුණ අපි දේශපාලනයෙන් පරාජය කරනවා. ඒ සඳහා නිලධාරීන් සම්බන්ධ විය යුතු නැහැ. ඔබ අපරාධකරුවන් පිළිබඳ ඔබේ වගකීම ඉටු කරන්න.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත්, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති, සදරුවන් මදරසිංහ,යන මහත්වරුද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රගෝ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු සහ ආරක්ෂක අංශ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.


