නුව­ර­එ­ළිය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩ­මන් මහ­තාගේ විවාහ මංග­ල්‍යය තිරු­ප­ත්තූර්හි ආරු­මු­ග­ම්පිල්ලේ සීතා අම්මාල් විද්‍යාල පරි­ශ්‍ර­යේදී ඊයේ (23) පැවැ­ත්විණි.

ඉන්දි­යාවේ තමි­ල්නාඩු ප්‍රාන්තයේ තිරු­ප­ත්තූර්හි සීතා ශ්‍රී නාචි­යාර් සමඟ මන්ත්‍රී­ව­රයා මෙලෙස යුග දිවි­යට එළැ­ඹිණි. වෘත්ති­යෙන් වෛද්‍ය­ව­රි­යක වන ඇය ඉන්දි­යාවේ දේශ­පා­ලන පවුල් පසු­බි­මක් සහිත තැනැ­ත්ති­යකි.

ජීවන් තොණ්ඩ­මන් මහ­තාගේ විවාහ උත්ස­ව­යට හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ සහ එම මහ­ත්මිය, හිටපු මැති-ඇමැ­ති­ව­රුන්, ඉන්දි­යාවේ මැති-ඇමැ­ති­ව­රුන් මෙන්ම ලංකා කම්කරු කොංග්‍ර­සයේ නාය­ක­යන් ඇතුළු පිරි­සක් සහ­භාගි වී සිටි­යහ.
BBCMirror.lk sfmnewslk.com

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *