ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට 2027 වන විට සැලසුම්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

වසර දහයකට වැඩි කාලයක් තිස්සේ ඇනහිට තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඩිජිටල්කරණ ව්‍යාපෘතියක් වන ‘ජාතික ඩිජිටල් හැඳුනුම්පත’ නිකුත් කිරීමේ සක්‍රීය අදියර ආරම්භ කර ඇති අතර, එහි පළමු අදියර මේ වසර තුළ නිකුත් කිරීමට රජය සැලසුම් කර ඇත.

එමෙන්ම 2027 අගෝස්තු වන විට මෙම ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය දිවයින පුරා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර අවසන් කිරීමට ඉලක්ක කර ඇති බව ඩිජිටල් ආර්ථික පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරන්ද වැලිඅංග ප්‍රකාශ කළේය.

2012 වසරේ සිට සාකච්ඡා මට්ටමේ පමණක් පැවැති මෙම ව්‍යාපෘතියේ ගැටලු නිරාකරණය කරගනිමින් මේ වන විට එය ක්‍රියාත්මක කිරීමේ මට්ටමට ගෙන ඒමට රජයට හැකි වී තිබේ.

රාජ්‍ය අංශයේ විසිරී පවතින දත්ත සමුදායන් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා මෙම ඩිජිටල් ID පද්ධතිය, ජාතික දත්ත හුවමාරු පද්ධතිය හා බද්ධව ක්‍රියාත්මක වේ.

රාජ්‍ය සේවාවන් පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් එකම තැනකින් ලබාගැනීම සඳහා එකමුතු කළ ඒකීය ද්වාරයක් ලෙස මෙම යෙදවුම නිර්මාණය කෙරේ.

මුදල් භාවිතය මත පදනම් වූ සමාජයක සිට ඩිජිටල් ගෙවීම් පද්ධතියකට මාරුවීමට මෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය සහ සංචාරක ක්ෂේත්‍ර ඩිජිටල්කරණය කිරීමට මෙය මහෝපකාරී වනු ඇත.

දිවයින පුරා අන්තර්ජාල ආවරණය 94% සිට 98% දක්වා ඉහළ නැංවීම සඳහා ඉදිරි වසර 2-3 තුළ නව සන්නිවේදන කුලුනු 600ත් 800ත් අතර ප්‍රමාණයක් ඉදිකිරීමට සහ පාසල් වෙත ෆයිබර් සබඳතා ලබාදීමට කටයුතු කෙරේ

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *