ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මංගල ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය පිහිටුවයි:
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
දශක හතරක ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක්
ශ්‍රී ලංකාවේ විවෘත හා දුරස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (OUSL), සිය 46 වසරක ප්‍රෞඩ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ප්‍රථම නිල ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය (Alumni Association) පසුගියදා (27) නාවල විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය පීඨ මණ්ඩපයේදී ආරම්භ කරන ලදී.
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ 1980 වසරේදී ස්ථාපිත කරන ලද විවෘත විශ්වවිද්‍යාලය, වයස් හෝ භූගෝලීය සීමාවලින් තොරව උසස් අධ්‍යාපනය මෙරට ජනතාවට සමීප කළ සුවිශේෂී ආයතනයකි. මේ වන විට දිවයින පුරා ප්‍රාදේශීය මධ්‍යස්ථාන ජාලයක් හරහා වෘත්තීයවේදීන් සහ උපාධිධාරීන් දසදහස් ගණනක් බිහිකර ඇති මෙම විශ්වවිද්‍යාලය සඳහා නිල විද්‍යාර්ථීන්ගේ ශිෂ්‍ය සංගමයක අවශ්‍යතාවය කලක සිටම පවතින ලදී.
විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී. තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මංගල මහා සභා රැස්වීමේදී 2026/2027 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගන්නා ලදී. මෙහිදී මෙම ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය පිහිටවීමෙහිලා මහත් මෙහෙයක් සිදු කල ආචාර්‍ය චමිලා ඩයස් මහත්මියගේ කාර්‍යය අගය කිරීමට ලක්විය.
නිලධාරී මණ්ඩලය ලෙස පහත
සභාපති ක්‍රිශාන්ත නිශ්ශංක ,
ලේකම් දිශාන් ධර්මසේන , භාණ්ඩාගාරික – ආචාර්‍ය චන්න කුලසූරිය ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් පත්විය.




