ගංගාරාම සර්වඥ ධාතූ ප්‍රදර්ශනය වන්දනාමානයට විශේෂ බස් සේවාවක්.

www.bbcmirror.lk

www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

මෙරට 78 වන නිදහස් දිනයට සමගාමීව කොළඹ හුණුපිටිය ගංගාරාමයේ 04 වන දා සිට ප්‍රදර්ශනය කරනු ලබන ඉංදියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට වැඩමවන ලද සර්වඥ ධාතු ප්‍රදර්ශනය වන්දනාමාන කරන ජනතාවගේ පහසුව සඳහා අද දින (5) අළුයම සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී (ගමනාගමන) පී.එච්.ආර්.ඩී. චන්ද්‍රසිරි මහතා පවසයි.

ඒ අනුව මෙම සර්වඥ ධාතු ප්‍රදර්ශනය අවසන් වන තෙක් ගංගාරාම විහාරස්ථානය අසල සිට විවිධ ප්‍රදේශ දක්වා ගමන් කරවීමට අවශ්‍ය බස් රථ 31 ක් සූදානම් කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *